spot_img
spot_img

රජයේ ආයතන හතක් ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුමක්

ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු ආයතන හතක් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පත්කළ ඒකකයේ නිලධාරීන්  ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම් දී තිබෙන බව වාර්තා වනවා.

හෝටල් සංවර්ධන සංස්ථාව, කැන්විල් හෝල්ඩින්ග්ස් සමාගම, ලිට්‍රෝ ගෑස් සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් සමාගම සහ ලංකා හොස්පිට්ල් සමාගම ප්‍රතිව්‍යුහගතකරණයට ක්‍රියාමාර්ග ගනිමින් සිටින සෙසු ආයතන බව එම කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා සඳහන් කළ බවයි වාර්තා වන්නේ.

මෙම ආයතනවල අයිතිය රජයෙන් ස්වාධීන කර ලන්සු කැඳවා පෞද්ගලික අංශයේ දේශීය හා විදේශීය ආයෝජකයන්ට ලබා දෙන බවද එම නිලධාරීන් දැනුම් දී තිබෙන බව වාර්තා වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...