spot_img
spot_img

වී මිලදී ගැනීම තාවකාලිකව අත්හිටුවයි

අද (05) සිට  සිංහල අලුත් අවුරුදු උත්සවය අවසන් වන තෙක් වී මිල දී ගැනිම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව වී අලෙවි මණ්ඩලය පවසනවා.

වී අලෙවි මණ්ඩලය විසින් සිදු කරන වී මිල දී ගැනිම් පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඊයේ (04) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

එහිදී අදහස් දැක්වූ එම මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කළේ අලුත් අවුරුදු නිවාඩුව අවසන් වූ වහාම වී මිල දී ගැනීම් යළි අරඹන බවයි.

වී අලෙවි මණ්ඩලයට ඊයේ (04) වනවිට වී කිලෝ ග්‍රෑම් ලක්ෂ 40ක් මිල දී ගැනීමට හැකි වූ බවද සභාපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

ඔහු තවදුරටත් දැනුම් දී ඇත්තේ වී මිල දී ගැනීම සඳහා තවදුරටත් අවශ්‍ය තරම් මුල්‍ය ප්‍රතිපාදන ඇති බවයි.

සිංහල අලුත් අවුරුදු උත්සවය අවසන් වන තෙක් වී මිල දී ගැනිම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත්තේ ගොවින් වී අලෙවි කළ පසු ඊට අදාල මුදල් බැංකුව මගින් ගැනීමට යාමේ දී ඇති විය හැකි ප්‍රමාදයන් සැළකිල්ලට ගනිමින්.

වී අලෙවි මණ්ඩලය විසින් දැනට මිල දී ගෙන ඇති වීවලින් 90 % ක් පමණ රතු නාඩු වන අතර සම්බා හා කීරි සම්බා සහල් වී අලෙවි මණ්ඩලයට ගොවීන් විසින් අලෙවි නොකරන බව ද වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කරනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...