spot_img
spot_img

ලාංකිකයින්ට නව ක්ෂේත්‍රවල කොරියානු රැකියා

ශ්‍රී ලංකාවට නව රැකියා දොරටු රැසක් විවර කරන බව කොරියානු අග්‍රාමාත්‍ය හන් ඩක් සූ (Han Duck Soo) මහතා පවසා තිබෙනවා.

කොරියානු අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුව ඊයේ (04) සෝල් නගරයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිදුවුණා.

කෘෂිකාර්මික, ඉදිකිරීම් හා වෙනත් කර්මාන්ත සඳහා තම රටේ රැකියා ලබාදෙන ශ්‍රම බලකායට අමතරව සෞඛ්‍ය සේවා හා වෘත්තික සේවා සඳහා නව රැකියා ලබාදීමේ හැකියාව පිළිබඳව ද කොරියානු අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වා තිබෙනවා.

ඔහු එහිදී සඳහන් කර ඇත්තේ පසුගිය වකවානුවේ පැවති මූල්‍ය අර්බුදය හමුවේ නැවත නැගී සිටින ශ්‍රී ලංකාවට, තම රට පැරිස් සමාජයේ සාමාජිකයකු ලෙස ඉදිරි කටයුතු සාර්ථකව කරගෙන යැම සඳහා සෑම විටම පෙනී සිටින බවයි.

එමෙන්ම, පුනර්ජනනීය බලශක්ති අවශ්‍යතාවය, ධීවර ක්ෂේත්‍රය හා ඒකාබද්ධ ආයෝජන ක්ෂේත්‍රයන්හි දැනට ගිවිසගෙන ඇති ව්‍යාපෘති එලෙසම ක්‍රියාත්මක කරන අතර, ක්‍රියාත්මක කළ යුතු ඉදිරි ව්‍යාපෘති සඳහා වන පූර්ව කටයුතු සඳහා වන කාලය අවම කිරීමට පියවර ගන්නා ලෙස කොරියානු අග්‍රාමාත්‍යවරයා මෙම හමුවේදී ඉල්ලීමක් කර තිබුණා.

කොරියානු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින්, රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, අනුප පැස්කුවල්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, කොරියාවේ ශ්‍රී ලංකා තානාපති සාවිත්‍රී පානබොක්කේ, අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ලලිත් රෝහණ ලියනගේ මෙම අවස්ථාවට එක්වුණා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...