spot_img
spot_img

ජනපති සටනට මම සූදානම් – චම්පික

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමා සූදානම් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ ජන හමුවක් පසුගිය 27 වන දා හෝමාගම, පනාගොඩ ප්‍රදේශයේ පවත්වා තිබුණා.

එක්සත් ජනරජ පෙරමුණේ ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව මේ වන විට පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් හා දේශපාලන කණ්ඩායම් සමඟ සාකච්ඡා කරන බවත් ඉදිරියේදී දේශපාලන සන්ධානයක් ගොඩනැඟීමට බලාපොරොත්තු වන බවත් පාඨලී චම්පික රණවක මහතා මෙහිදී සඳහන් කර තිබෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ පාඨලී චම්පික රණවක මහතා,

“එක්සත් ජනරජ පෙරමුණේ ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව මේ වන විට පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් හා දේශපාලන කණ්ඩායම් සමග අපි සාකච්ඡා කරනවා. ඒ වගේම අපි ඉදිරියේදී දේශපාලන සන්ධානයක් හදනවා. ඒක දේශපාලන සන්ධානයක් පමණක් නොවේ රට ගොඩනැඟීමේ සන්ධානයක්. ඒ සන්ධානයේ අපේක්ෂකයා හැටියට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්න කියා මගෙන් ඉල්ලීමක් කළොත් මම ඒ අභියෝගය භාරගන්නවා. මට කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම මට විශ්වාසයි මේ රට ගොඩනගන්න මට පුළුවන් කියලා.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...