spot_img
spot_img

දේවස්ථාන වෙත අද විශේෂ ආරක්ෂාවක්

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය ලොව පුරා කිතුනු බැතිමතුන් අද (29) සමරනු ලබනවා.

අළු බදාදා දිනයෙන් ආරම්භ වූ චතාරික සමය තුළ යැදුම්, උපවාස, පුණ්‍ය ක්‍රියා සිදුකරමින් එය භක්තියෙන් මෙනෙහි කරනු ලබන කිතුනු බැතිමතුන් අද දිනයේදී දෙව් මැදුරුවල පැවැත්වෙන සුවිශේෂී දේව මෙහෙයන්ට එක්වීමට නියමිතයි.

ඒ අනුව, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවිපිදීම අද දිනයේදී සිහිපත් කරන අතර උන්වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කිරීම හෙවත් පාස්කු ඉරිදා දින එළැඹෙන ඉරිදාට යෙදී තිබෙනවා.

මේ අතර, අද දිනය සහ පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් කිතුනු දේවස්ථානයන්හි පැවැත්වෙන දේව මෙහෙයන් සහ උත්සව වෙනුවෙන් එම දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව පවසනවා.

පොලිස් මුලස්ථානය සඳහන් කළේ, මේ සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්, බුද්ධි නිලධාරීන් සහ ත්‍රිවිඩ හමුදා නිලධාරීන්ගේ ද සහාය ලබාගැනීමට නියමිත බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...