spot_img
spot_img

සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනයකට යාමේ සුදානමක්?

ආර්ථික යුක්තිය ඉටුකර ගැනීම සඳහා සෞඛ්‍ය වෘත්තීය සමිති ලබා දුන් කාලය අදින් (27) අවසන් වි තිබෙනවා.

කෙසේවෙතත් එම කාලය තුළ සිය ගැටලුව සඳහා මේ දක්වාත් විසඳුම් ලැබී නොමැති බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරනවා.

ඒ අනුව සිය ඉල්ලීම් දිනාගැනීම සඳහා අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීම සම්බන්ධයෙන් අද කොළඹ දී රැස්වන වෘත්තීය සමිති නායකත්ව මණ්ඩල රැස්වීමේදී තීරණය කිරීමට නියමිත බව සඳහන්.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා,

“සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ වෘත්තීය සමිති 72ක සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ලක්ෂයකට අධික පිරිසක් ආර්ථික යුක්තිය වෙනුවෙන් පහුගිය දින කිහිපය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කළ යෝජනාවලිය මුදල් අමාත්‍යාංශයට යොමු කරලා, බලාගෙන ඉන්නවා මේ වෙලාවේ එයට අනුමැතිය ලැබෙනකල්. අපි 18 සහ 19 දෙදින ක්‍රියාත්මක කිරීමට තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය අතහැරියේ සෞඛ්‍ය ලේකම්වරයා දින 10ක කාලයක් ඔහුට එම ගැටලුව විසඳන්න ලබාදෙන්න කියලා කළ ඉල්ලීම අනුව. ඒ කාලය හෙටින් අවසන් වෙනවා. අපි අද තීරණය කරනවා හෙටින් පසුව ගන්නා තීරණය. අපි දැනටත් අපේ නියෝජිත සමුළුවේ දී අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යෑමට අනුමැතිය ලබාදීලා තියෙනවා. ඒ අනුව අපි අද දිනය තීරණය කරනවා වර්ජනය ක්‍රියාත්මක කරන.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...