අම්පාර,හබරණ, කොස්ගම, කුරුණෑගල, පන්නල සහ වේයන්ගොඩ සූර්ය ප්රකාශ වෝල්ටීයතා විදුලි බලාගාර ඉදිකිරීමට රජය විසින් තීරණය කර තිබෙනවා.
කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ලැබ ඇති සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ මත මෙම බලාගාර ඉදිකිරීම සඳහා ආයෝජකයන් වෙත කොන්ත්රාත්තු පිරිනැමෙනු ඇති.
මෙගාවොට් එකේ සිට පහ දක්වා AC ධාරිතාවකින් යුත් මෙගාවොට් 70ක ධාරිතාවක් සහිත මෙම බලාගාර ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතියද හිමිව තිබෙනවා.




