spot_img
spot_img

සුරා බදු ආදායම වැඩි වී නිෂ්පාදනය අඩු වෙලා

සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය වර්ෂයේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙම වර්ෂයේ දී සුරාබදු ආදායම සියයට 38.5කින් වර්ධනය වී ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පවසනවා.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පෙන්වාදී තිබෙන්නේ මත්පැන්වල මිල වැඩිවීම හේතුවෙන් පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේ දී මත්පැන් නිෂ්පාදනය ලීටර් 657,000ක් පමණ අඩුවී ඇති බවයි.

එළඹෙන අවුරුදු සමයේ දී නීතිවිරෝධී මත්පැන් පිළිබඳව වැටලීම් සිදුකිරීමට සඳහා දිවයින පුරා විශේෂ කණ්ඩායම් ද යොදවා ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පවසා තිබෙනවා.

“මිල වැඩිවීම හරහා නිෂ්පාදනය සෑහෙන්න අඩුවෙලා තියෙනවා. 2023 වසරේ ජනවාරියේ නිෂ්පාදනය එක්ක ගත්තහම මේ අවුරුද්දේ ජනවාරියේ නිෂ්පාදනය ලීටර් 657,000ක් අඩුවෙන් තමා නිෂ්පාදනය වෙලා තියෙන්නේ. එහෙම තියෙද්දිත් අපිට පුළුවන් වුණා 2024 පෙබරවාරි මාසය එක්ක සංසන්දනය කළාම 38%ක ආදායමේ වර්ධනයක් ලබාගන්න පුළුවන් වුණා. මාර්තු මාසයේ දීත් අපි බලාපොරොත්තු වෙනවා 30%ක විතර වර්ධනයක්.”

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...