spot_img
spot_img

අප්‍රේල් මුල දැවැන්ත වැඩවර්ජනයක්?

දිගින් දිගටම රජයේ විධායක නිලධාරීන් විසින් කළ ඉල්ලීම්වලට සාධනීය පිළිතුරක් රජයෙන් ලබානොදීම හේතුවෙන් අප්‍රේල් මස මුල් සතියේ දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවට අනුබද්ධ වෘත්තීය සමිති 18ක් තීරණය කර තිබෙනවා.

ඊයේ (22) පෙරවරුවේ ඉසුරුපාය විභාග දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරි වෘත්තීය සමිතිය සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන තිබෙනවා.

ජීවන වියදම සලකා බලා කෙටි කාලීනව සාධාරණ දීමනාවක් ලබාදෙන ලෙසත්, කළමනාකරණ දෙපාර්තමේන්තුව හා රාජ්‍ය කොමිෂන් සභාව විසින් ගන්නා අත්තනෝමතික තීරණවලට විරෝධය දක්වමින් එම ආයතනවල නිසි ප්‍රතිසංස්කරණයන් සිදුකරන ලෙස රජයට බලකරමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට නියමිතයි.

පසුගියදා අගමැතිවරයා සමග පැවති සාකච්ඡාවේ දී විධායක නිලධාරීන්ට බලපා ඇති ආර්ථික දුෂ්කරතා ඇතුළු වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලීම් කළ බව ද එම කමිටුව සඳහන් කරනවා.

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසන්නේ, මාර්තු 31 වනදා වනවිට මීට අදාළ විසඳුම් යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කරන බවත් , එසේ නොවුණොත් නිසැක වශයෙන්ම වැඩවර්ජනයකට යන බවයි.

අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සමිතිය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික වෘත්තීය සමිතිය, ගණකාධිකාරී වෘත්තීය සමිතිය හා විභාග දෙපාර්තමේන්තු වෘත්තීය සමිතිය ඇතුළු සියලු සංගම්වල සහභාගීත්වයෙන් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...