ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගය මේ වනවිට බංග්ලාදේශයේ සිලෙට් හිදී පැවැත්වෙනවා.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ නායක ධනංජය ද සිල්වා සිය 11 වැනි ටෙස්ට් ශතකය රැස් කිරීමට සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම, ශ්‍රී ලංකාවට පළමුව පන්දුවට පහරදීමට ආරාධනා කළා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 57කට දවා ගැනීමට බංග්ලාදේශ පන්දුයවන්නෝ සමත් වුණා.
අනතුරුව පිටියේ එක්වූ කමිඳු මෙන්ඩිස් සහ නායක ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ඉනිම ගොඩනැඟුවා.




