ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගය මේ වනවිට බංග්ලාදේශයේ සිලෙට් හිදී පැවැත්වෙනවා.
එහිදී සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කර ගැනීමට කමිඳු මෙන්ඩිස් සමත් වුණා.
මෙය ඔහුගේ දෙවැනි ටෙස්ට් තරගයයි.
ශතකය රැස් කිරීමෙන් අනතුරුව ඔහු ඊළඟ පන්දුවට අවාසනාවන්ත ලෙස දැවී ගියා.
පන්දු 127කට මුහුණදුන් කමිඳු සිය ලකුණු 102 සඳහා 4 පහර 11ක් සහ 6 පහර 3ක් එල්ල කළා.
ඔහු සහ ධනංජය 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 202ක් එක්කළා.




