spot_img
spot_img

කුරුණෑගල පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලය ගැන ජනතාවගෙන් පැමිණිලි

කුරුණෑගල මහ නගර සභාවට අයත් කුරුණෑගල නගරයේ පිහිටි තෙමහල් වෙළඳ සංකීර්ණයේ තුන්වන මහලේ ආරම්භ කර තිබෙන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට අයත් කාර්යාලයට ජනතාවට පහසුවෙන් ගමන් කළ නොහැකි තත්ත්වයක් නිර්මාණයවී ඇති බවට පුවතක් වාර්තා වෙනවා.

‘දිවයින’ වාර්තා කරන්නේ මේ හේතුවෙන් ජනතාව එම කාර්යාලයෙන් සේවා ලබාගැනීමට මැලිකමක් දක්වන බවයි.

තෙමහල් වෙළඳ සංකීර්ණයේ පැවැත්වෙන රජයට අයත් මෙම කාර්යාලයට ආබාධිත පුරවැසියන්ට මෙන්ම වයෝවෘධ සහ විවිධ රෝගාබාධ සහිත පුරවැසියන්ට සහ ගැබිනි මාතාවන්ට පහසුවෙන් ළඟාවිය නොහැකිවීම නිසා ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට නොහැකි වීමෙන් ඔවුන් රජයේ වගකිව යුත්තන්ට දැඩි අප්‍රසාදය පළ කරනවා.

දීර්ඝ කාලයක් තිස්සේ මෙම විදුලි සෝපානය ක්‍රියාවිරහිත වී තිබීම සම්බන්ධයෙන් කුරුණෑගල මහ නගර සභාවේ වගකිව යුත්තන් කිසිවකු අවධානය යොමු කර නොමැති බවට එම ජනතාව චෝදනා කරනවා.

එමෙන්ම, මහල් තුනක් සහිත මෙම වෙළඳ සංකීර්ණයේ වෙළඳසැල් හිමියන් නියමිත බදු මුදල් නිසිපරිදි ගෙවන බවත් පාරිභෝගිකයන් විදුලි සෝපානය ක්‍රියාවිරහිතවීම නිසා භාණ්ඩ මිලදී ගැනීම ඉතාමත් මන්දගාමී බවත් ඇතැම් දිනවලදී එකම භාණ්ඩයක්වත් අලෙවි නොවන බව වෙළඳ සැල් හිමියන් පවසනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...