spot_img
spot_img

කොළඹ ජාතික රෝහලේ සිටි ශිරන්ති පෞද්ගලික රෝහලකට මාරු කෙරේ

ඇප මත මුදා හැරීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ නවලෝක රෝහල වෙත මාරු කර යවා තිබේ.

රෝහල් ආරංචි මාර්ග තහවුරු කළ පරිදි, ඇයගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇත.

ශිරන්ති රාජපක්ෂ මහත්මිය මීට පෙර අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණය විසින් ඇප මත මුදා හරින ලද අතර, එම අවස්ථාවේදී හටගත් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි.

ජාතික රෝහලේ තාවකාලික ප්‍රතිකාර ලබමින් සිටි ඇය, පසුව මෙලෙස පෞද්ගලික රෝහලක් වන නවලෝක රෝහල වෙත වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා මාරු කර යවා ඇති බව වාර්තා වේ.

spot_imgspot_img

Popular

More like this
Related

අග්බෝ ඇතු සෙවීම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක්

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝග මත අග්බෝ හස්තියා සෙවීම සඳහා...

බලංගොඩ කස්සප හිමියන්ට පහරදීමේ සිද්ධිය හෙළාදකිමින් එජාපයෙන් නිවේදනයක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා සත්‍යග්‍රහයේ...

අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ අපවත් වෙති

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අනුනායක, ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ...

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...