spot_img
spot_img

ලෝකයම පරදා ලොව අංක එකේ දූපත් සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව පත්වෙයි

ලෝකයේ ප්‍රමුඛතම ජාත්‍යන්තර සංචාරක මාධ්‍යයක් වන ‘Big 7 Travel’ ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 වසරේ ලොව හොඳම දූපත් සංචාරක ගමනාන්ත ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

රටේ පවතින ස්වභාවික සුන්දරත්වය, ජෛව විවිධත්වය, පොහොසත් සංස්කෘතික උරුමය, වනජීවී අත්දැකීම් සහ කුඩා භූමි ප්‍රමාණයක් තුළ විවිධ පරිසර පද්ධති ඉතා පහසුවෙන් නැරඹීමට ඇති හැකියාව යන කරුණු රැසක් පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවට මෙම විශිෂ්ට ඇගයීම හිමිව ඇත. ඒ අනුව ග්‍රීසිය, පෘතුගාලය, අයර්ලන්තය සහ තායිලන්තය වැනි ලොව සුප්‍රකට සංචාරක පාරාදීසයන් අභිබවා යමින් ශ්‍රී ලංකාව පෙරමුණ ගැනීම විශේෂත්වයකි

. එකම සංචාරයකින් පරිසරය, වෙරළ, වනජීවීන් සහ සංස්කෘතිය එක ලෙස අත්විඳීමට සංචාරකයින් දක්වන කැමැත්ත නිසා ශ්‍රී ලංකාව මේ වන විට ලෝක දූපත් සංචාරක කර්මාන්තයේ නව මිණුම් දණ්ඩක් බවට පත්ව ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...