spot_img
spot_img

නාමල් රාජපක්ෂ කියන්නේ මහින්ද රාජපක්ෂගේ පුතා ඒ නිසා බොරුවට හිරේ දානවා කියලා බය කරන්න එන්න එපා ඒවට නාමල් බය නැහැ – ඩී වී චානක

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක මහතා විසින් ඊයේ (02) දින ආණ්ඩුව ගෙන යන මර්ධන ව්‍යාපාරයට නාමල් රාජපක්ෂ මහතා බය නැති බව පවසා ඇත්තේ ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පුතා බව පෙන්වා දෙමින්.

එසේම අධිකරණය ගැන විශ්වාස කළ ද ඒ සඳහා කරුණු වාර්තා කරන මාලිමා පොලීසිය සම්බන්ධයෙන් ද කිසිදු විශ්වාසයක් නැති බව ද කියා සිටියා.

මේ අදහස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මාධ්‍ය ඉදිරියේ දක්වා සිටියේ මෙසේ ද සඳහන් කරමින්,

” කොහොමත් අනර කුමාර දිසානායක මහත්මයා සීඅයි.ඩී එකට සහ පොලිසියට එයාගේ පාක්ෂිකයෝ දෙන්නෙක් දාගත්තෙම මර්ධනය සඳහා. ඔහුට තිබෙන ලොකුම අභියෝගය නාමල් රාජපක්‍ෂ මහතා වෙනකොට ඔවුන් ඒ අභියෝගය නවත්ව ගන්නවා. මොකද දැන් රටේ ජනතාව මේ වෙද්දි අනුරාධපුරේ බහුතරයක් නාමල් රාජපක්ෂ මහතා එක්ක එකතු වෙනවා. ඒකත් එක්ක මර්ධනය කරන්න උත්සාහ කරන්නේ. හැබැයි නාමල් රාජපක්ෂ කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පුතා. ඒක හින්දා ඔය බොරුවට උසාවි පෙන්නලා, එහෙම නැත්නම් උසාවියට ගෙනියනවා කියලා බය කරලා, එහෙම නැත්නම් හිරේ දානවා කියලා බය කරලා, ඒවට නාමල් රාජපක්ෂ මැතිතුමා බය නැහැ. අපි අධිකරණය ගැන විශ්වාස කරනවා. හැබැයි අධිකරණයට කරුණු වාර්තා කරන ඒ මාලිමාවේ පොලීසිය පිළිබඳව අපිට කිසිම විශ්වාසයක් නැහැ. ඉතිහාසය දිහා බැලුවහම ඕන තරම් චණ්ඩි ඇවිල්ල තියෙනවා. හැබැයි චණ්ඩි මෙල්ල කරන විදිහත් රටේ ජනතාව දන්නවා. මොකද ආණ්ඩුව අත තිබ්බෙ වැරදි තැනට. ඉස්සෙල්ලා වෛද්‍යවරුන්ට අත තිබ්බා ඊට පස්සේ නීතිඥවරුන්ට අත තිබ්බා. ඊට පස්සේ රාජ්‍ය සේවකයන්ට අත තිබ්බා. හැබැයි ඒ ගොල්ලෝ පොඩ්ඩක් නිහඬව හිටියා හැබැයි මේ සැරේ අත තිබ්බේ වැරදි තැනට. ගොවියට අත තිබ්බු ආණ්ඩුවක් කවදාවත් හිටියේ නෑ”

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...