ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ වෙනස්කම් දෙකක් හේතුවෙන් ඉදිරියේදී ග්‍රීන් කාඩ් (ස්ථිර පදිංචිය) බලපත්‍රයක් ලබා ගැනීම වෙනදාට වඩා බෙහෙවින් අපහසු වී තිබේ. කිසිදු නව පනතක් සම්මත නොකර, පවතින නීතිමය ක්‍රියාවලිය වඩාත් දැඩි කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත්තේ මෙලෙසිනි
01. අත්සනක අඩුවක් තිබුණොත් අයදුම්පතත් ඉවරයි, මුදලුත් ඉවරයි
ඇමෙරිකානු පුරවැසි සහ සංක්‍රමණ සේවා ආයතනය (USCIS) විසින් හඳුන්වා දුන් නව රීතියකට අනුව, ඔබගේ අයදුම්පත කලින් භාරගෙන තිබුණද, පසුව එහි අත්සනක් අඩු බව හෝ වලංගු නොවන බව පෙනී ගියහොත් එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමට නිලධාරීන්ට බලය පැවරේ. එහිදී වැරැද්ද නිවැරදි කිරීමට ඔබට කිසිදු අවස්ථාවක් නොලැබෙන අතර, ගෙවන ලද අයදුම්පත් ගාස්තුව ද ආපසු ලබා නොදේ.
02. සුදුසුකම් තිබුණත් දීම හෝ නොදීම නිලධාරියාගේ කැමැත්ත මත
පසුගිය මැයි මාසයේ නිකුත් වූ නිල සංදේශයකට (Memo) අනුව, ග්‍රීන් කාඩ් බලපත්‍රයක් නිකුත් කිරීම ස්වයංක්‍රීයව සිදුවන අයිතිවාසිකමක් ලෙස නොව, රජයෙන් පිරිනමන “උපකාරයක්/වරප්‍රසාදයක්” (Favor) ලෙස සලකන ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇත. ඒ අනුව, අයදුම්කරුවෙකු සියලුම නීතිමය සුදුසුකම් සපුරා තිබුණද, එය අනුමත කිරීම හෝ නොකිරීමේ අවසන් තීරණය නිලධාරියා සතු වේ.
මීට අමතරව, ඉන්දියානු ජාතිකයන් බහුලවම අයදුම් කරන ප්‍රධාන ග්‍රීන් කාඩ් කාණ්ඩ වන EB-2 සහ EB-5 කාණ්ඩවල උපරිම සීමාවන් (Caps) මේ වන විටත් ඉක්මවා ගොස් ඇති බැවින්, එළඹෙන ඔක්තෝබර් මාසය වන තෙක් එම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අත්හිටුවා (Frozen) ඇත. නීත්‍යානුකූලව සහ නිවැරදිව කටයුතු කිරීමට උත්සාහ කරන අයදුම්කරුවන්ට මෙම නිහඬ නීති දැඩි කිරීම් දැඩි ලෙස බලපා තිබේ.




