ඉන්ධන නිකුත් කිරීමේදී QR කේතය යොදා ගැනීම ඉවත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අධ්‍යයනය කරමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
‘අද දෙරණ’ කළ විමසීමකදී එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පැවසුවේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩිවූ වේගයට සාපෙක්ෂව මිල අඩුවී නොමැති බවය.
මේ අතර ඉන්ධන මිලදී ගැනීම සඳහා තවදුරටත් බාධාවක් නොමැති බවද ඩී. ජේ. රාජකරුණා මහතා පැවසීය.




