spot_img
spot_img

රු. මිලියන 377ක හෂීෂ් සමග විදේශිකයෙකු ගුවන්තොටේදී අත්අඩංගුවට

රුපියල් මිලියන 377ක පමණ වටිනාකමකින් යුතු හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපොලේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ ගුවන් මගීන් මුදල් ගෙවා පහසුකම් ලබාගන්නා ‘ගෝල්ඩ් රූට්’ මගී පර්යන්තය ඔස්සේ මෙම විදේශිකයා ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ මෙරටට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙතරම් විශාල වටිනාකමක් සහිත ” හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය බවටද වාර්තා වෙයි.

අමෙරිකානු ඩොලර් 206ක් වැනි විශාල මුදලක් ගෙවා ‘ගෝල්ඩ් රූට් ‘ විශේෂ ගුවන් මගී පර්යන්තය භාවිත කරමින් සැකකරු මෙරටට ඇතුළුවීමට උත්සාහ කර තිබුණි.

සැකකරු 23 හැවිරිදි ඩොමිනිකානු ජනරජයේ පුරවැසිභාවය හිමි එරට සරසවියක ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි.

මොහු මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය තොගය කැනඩාවෙන් ලබාගෙන , ඩුබායි වෙත පැමිණ එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ කිලෝ ග්‍රෑම් 37 ග්‍රෑම් 639 ක් බරැති මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය තොගය පැකැට් 146ක් තුළ අසුරා සඟවා රැගෙනවිත් තිබුණි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...