spot_img
spot_img

2026 දී සාමාන්‍ය පෙළ විභාගයේ වෙනසක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසරේ සිට සාමාන්‍ය පෙළ විෂය ධාරාවන් සංඛ්‍යාව හතකට සීමා වන අතර A,B,C යනුවෙන් කුසලතා සාමාර්ථයන් ලබාදීමද සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම මෙම වැඩපිළිවෙළ යටතේ සාමාන්‍ය පෙළ විභාගයෙන් කිසිදු සිසුවෙකු අසමත් නොවන ක්‍රමයකට එනම් GPA හෙවත් Grade Point Average නම් කාර්ය සාධක ලකුණක් ලබාදීමට කටයුතු කරන බවද අධ්‍යාපන බලධාරීන් පෙන්වා දෙනවා.

ඒ අනුව 2026 වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගය, විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන්නේ විද්‍යාව, ගණිතය, මව් භාෂාව, ඉංග්‍රීසි, ආගම හා සාරධර්ම අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය හා ඉතිහාසය යන විෂයන් සඳහා පමණයි.

මීට අමතරව තමන් කැමැති තවත් විෂයන් තුනක් සඳහා සිසුන්ට පෙනී සිටීමට අවස්ථාව ඇති අතර, එය පාසල් ඇගැයීම් හා අධ්‍යාපන මණ්ඩල හරහා පැවැත්වීමට නියමිතයි.

2025 වසරේ සිට මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතර 2026 වසරේදි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා මෙම නව වෙනස්කම් ඇතුළත් වන අතර විභාග දෙපාර්තමේන්තුවෙන් ඔවුන්ට A, B, C යනුවෙන් සම්මාන කුසලතා සාමාර්ථ ලබා නොදෙන අතර GPA හෙවත් යම් කාර්ය සාධක පරිමාවකට යටත්ව උසස් පෙළ විෂයන් තෝරා ගැනීමට අවස්ථාව උදා වනු ඇති බවද සඳහන් වෙනවා.

මෙම ක්‍රමවේදයට අනුව කිසිදු සිසුවෙකු සාමාන්‍ය පෙළ විභාගය අසමත් නොවන අතර සෑම සිසුවෙකුම යම් ලකුණු පරාසයකට ඇතුළත්ව සමත් වීමට හැකි වනු ඇති.

මේ අතර, 2027 වසරේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා උසස් පෙළට පෙනී සිටින සිසුන් වෙනුවෙන් දැනට පවත්නා කලා, විද්‍යා, ගණිත, වාණිජ, තාක්ෂණ යන විෂය ධාරා 6ට අමතරව අධ්‍යාපන නමින් නවතම විෂය ධාරාවක් එකතු කිරීමටද නියමිතයි.

එහිදී අඩු කාර්ය සාධන පරිමාවකට ඇතුළත් වන සියලු සිසුන් සඳහා වෘත්තීය පාඨමාලා ද අලුතින් එක් කිරීමට සැලසුම් කර තිබෙනවා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විශේෂඥ කමිටුවේ මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතා සඳහන් කරන්නේ මෙම නව ප්‍රතිසංස්කරණ මඟින් වර්ෂයකට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලු සිසුන්ට උසස් පෙළ හැදෑරීමට හැකි වනු ඇති බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...