spot_img
spot_img

පානීය ජල ගැටලු දැනුම් දෙන්න විශේෂ අංකයක්

පානීය ජල ගැටලු ඇති ප්‍රදේශවල ජනතාවට වහාම 117 දුරකථන අංකය ඔස්සේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කර සිටියේ, අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හා සම්බන්ධ වී මෙය සිදුකරන ලෙසයි.

මේ වනවිටත් කෑගල්ල සහ කුරුණෑගල යන ප්‍රදේශවල පවුල් 3,000කට ආසන්න ප්‍රමාණයක් පානීය ජල ගැටලුවකට මුහුණදී තිබෙනවා.

එවැනි ස්ථානවල ජනතාවට වෙනුවෙන් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථාන සහ ජල ප්‍රවාහන ඒකක සමඟත් එක්ව මෙම තත්ත්වය විසඳීමට වැඩසටහන් ක්‍රියාත්මක වන බව ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා තවදුරටත් සඳහන් කරනවා.

“පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා 117 දුරකථනය හා සම්බන්ධ වීම ඉතාමත් වැදගත්. ඉදිරියේ දී ඇතිවිය හැකි ඕනෑම ආපදා තත්ත්වයක් සම්බන්ධීකරණය සඳහා. යම් පානීය ජල ගැටලුවක් ඇත්නම් තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී තුමන් එසේත් නොමැති නම් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක සමග සම්බන්ධ වෙන්න. ඒ සඳහා සියල්ල සුදානමින් පවතිනවා

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...