spot_img
spot_img

මෙරට හඳුනා නොගත් ක්ෂය රෝගීන්ගේ ඉහළ යෑමක්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව හඳුනා නොගත් ක්ෂය රෝගීන් 4,000ක් 5,000ක් පමණ මෙරට සමාජය තුළ සිටින බව ජාතික ක්ෂය රෝග මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා මහත්මිය පවසනවා.

ඇය පවසන්නේ,මෙරට සිටිය යුතු ක්ෂය රෝගීන්ගේ සංඛ්‍යාව 14,000ක් පමණ වුවද, දැනට හඳු- නාගෙන ඇති සංඛ්‍යාව 9,000ක් පමණ බවයි.

සති දෙකකට වඩා පවතින කැස්ස, සවසට මඳ උණ පැවතීම, බර අඩු වීම, කෑම අරුචිය, රාත්‍රියට අධික ලෙස දහඩිය දැමීම, අධික තෙහෙටිටුව, හුස්ම ගැනීමේ අපහසුව, සෙම සමඟ රුධිරය පිට වීම යනාදිය පෙණහලුගත ක්ෂය රෝගයේ ලක්ෂණ වනවා.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ, එක් දිනකට ක්ෂය රෝගීන් දෙදෙනෙකු මරණයට පත් වන බවත් කලින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ගැනීමෙන් රෝගය නිට්ටාවටම සුවපත් කර ගත හැකි බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...