spot_img
spot_img

අරු­ව­ක්කා­රුහි ඉල්ම­න­යිට් කැණීම් කළැයි සමා­ගම් අධ්‍යක්ෂ රිමාන්ඩ්

ප්‍රාග් ඓති­හා­සික යුග­යට අයත් ගල් ආයුධ සහ මෙව­ලම් හමු වූ පුරා­වි­ද්‍යා­ත්මක වටි­නා­ක­මක් ඇති විල්ප­ත්තුව අභ­ය­භූ­මි­යට යාබද පුත්ත­ලම අරු­ව­ක්කා­රුහි කාල­යක් තිස්සේ නීතිවිරෝ­ධීව පව­ත්වා­ගෙන ගිය ඉල්ම­න­යිට් ඇතුළු ඛනිජ ද්‍රව්‍ය කැණීම් සිදු කළ ආශා මිනරල් පෞද්ගලික සමා­ගමේ විධා­යක අධ්‍ය­ක්ෂ­ රසික අතපත්තු ඊයේ (11) දින පාන­දුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කාය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 25දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පැය 12කට අධික කාල­යක් දීර්ඝ ලෙස කෙරුණු ප්‍රශ්න කිරී­ම­කින් අන­තු­රුව ඔහුව අත්අ­ඩං­ගු­ව­ට­ ගත් බව පොලී­සිය සඳ­හන් කළේය.

මෙම ස්ථානය පාන­දුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කාය විසින් පසු­ගිය අගෝස්තු 09 දා වටලා රුපි­යල් කෝටි 400කට අධික වටි­නා­ක­මක් ඇති එහි තිබූ යන්ත්‍ර සූත්‍ර සිය භාර­යට ද ගත්තේය.

ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථා­වට අයත් අරු­ව­ක්කාරු පුරා­වි­ද්‍යා­ත්මක වටි­නා­ක­මක් සහිත භූමිය තුළ දැවැන්ත පරි­සර විනා­ශ­යක් සිදු කර­මින් මෙම කැණීම් කට­යුතු සිදු­කර ඇත්තේ මෙරට බල­ප­වත්නා අණ­ප­නත් රාශි­යක් උල්ලං­ඝ­නය කර­මින් බව පොලී­සිය කියයි.

ඒ අතර භූ විද්‍යා සමී­ක්ෂණ පතල් කැණීම් කාර්යාංශ පනත, පුරා­විද්‍යා ආඥා පනත, කැලෑ ආඥා පනත, වන සත්ත්ව හා වෘක්ෂ­ලතා ආඥා පනත සහ මෝටර් වාහන පනත ඇතැයි පොලී­සිය සඳ­හන් කරයි.

වනා­ත­වි­ල්ලුව ජන­තාව විසින් පොලි­ස්ප­ති­ වෙත යොමු කරන ලද පෙත්ස­මට අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කාය මඟින් මේ සම්බ­න්ධ­යෙන් විම­ර්ශන ආරම්භ කරන ලදි. ඒ සම්බ­න්ධ­යෙන් පුත්ත­ලම මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කිරී­මෙන් පසු අත්අ­ඩං­ගු­වට ගන්නා ලද දේපළ සහිත භූමිය ඉදිරි නඩු දිනය තෙක් ශ්‍රී ලංකා පොලී­සිය භාරයේ තැබීම සඳහා පුත්ත­ලම මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය මඟින් අගෝස්තු 11 දා නියෝග ලබා දෙන ලදි.

මෙහි දී අදාළ සමා­ගම විසින් පුත්ත­ලම මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය මඟින් ලබා දෙන ලද තීන්දු­වට එරෙ­හිව අත්අ­ඩං­ගු­වට ගන්නා ලද භූමිය සමා­ග­මට මුදා හැරී­මට සහ එහි සේව­ක­යන් හා ප්‍රධා­නීන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට එරෙ­හිව අභි­යා­චනා අධි­ක­ර­ණයේ රිට් ආඥා­වක් ලබා ගැනී­ම­ටද කට­යුතු කර ඇත.

අභි­යා­ච­නා­ධි­ක­ර­ණය මඟින් ලබා දෙන ලද තීන්දු­වට එරෙ­හිව අරු­ව­ක්කාරු ජන­තාව විසින් SC/FR/146/2024 යටතේ ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ මූලික අයි­ති­වා­සි­කම් නඩු­වක් පැව­රනු ලැබීය‍.

එහිදී අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යෙන් ලබා ගන්නා ලද නියෝග අත්හි­ටු­ව­මින් අතුරු නියෝ­ග­යක් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය මඟින් ලබා­ගෙන තිබුණි.

මෙම ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ නියෝ­ග­යෙන් පසු අදාළ සමා­ගමේ අධ්‍ය­ක්ෂ­­ව­ර­යෙක් ජනා­ධි­පති නීති­ඥ­ව­රුන් මඟින් පුත්ත­ලම අධි­ක­ර­ණ­යෙන් අපේ­ක්ෂිත ඇප ඉල්ලා අය­දු­මක් ද ඉදි­රි­ප­ත් කර තිබී ඇත. මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කාය විසින් දීර්ඝව අධි­ක­ර­ණය හමු‍වේ කළ කරුණු දැක්වී­මෙන් පසු පුරා­විද්‍යා පනත යටතේ වැරදි සිදු­කර ඇති නිසා අපේ­ක්ෂිත ඇප ඉල්ලීම මහේ­ස්ත්‍රා­ත්ව­රිය විසින් ප්‍රති­ක්ෂේ­ප කළ බව පොලී­සිය සඳ­හන් කළේය.

1982 අංක 17 දරන සමා­ගම් පනත අනුව පෞද්ග­ලික සමා­ග­මක අධ්‍ය­ක්ෂ­ව­රුන් සමා­ගමේ අයි­ති­ක­රු­වන් වශ­යෙන් ඔවුන් සමා­ගම සිදු කරන කාර්ය­යන් සඳහා වග­කී­මට බැඳී සිටින බව පොලී­සිය සඳ­හන් කළේය.

එබැ­වින් ඔවු­න්ගෙන් ප්‍රකාශ සට­හ­න් කර ගැනී­මට පැමි­ණෙන ලෙස එම සමා­ගමේ හිමි­ක­රු­වන් වන සමා­ගමේ අධ­ක්ෂ­ව­රුන් දෙදෙ­නාට 2025.10.27 දින සිට අව­ස්ථා­වන් ගණ­නා­ව­කදී දැනුම් දුන් නමුත් එම සෑම අව­ස්ථා­ව­කම විවිධ හේතු දක්ව­මින් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කාය වෙත පැමිණ ප්‍රකාශ ලබා දීම ඔවුන් පැහැර හැර ඇතැයි පොලී­සිය සඳ­හන් ක‍ළේය.

මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කායේ නිල­ධා­රීන් කිහිප අව­ස්ථා­ව­කදී ඔවුන් පදිංචි නිවාස වෙත ද ගොස් ඇත. එම නිවා­ස­වල ඔවුන් නොසිටි බැවින් තාව­කා­ලි­කව පදිං­චිව සිටින බවට අනා­ව­ර­ණය වූ ස්ථාන ද පොලී­සිය පරී­ක්ෂා­ කර තිබේ. මේ තත්ත්වය මත අධ්‍ය­ක්ෂ­ව­රුන්ට විදෙ­ස්ගත වීමද තහ­නම් කර­මින් නියෝ­ග­යක් පවා ලබා­ගෙන ඇත.

මේ තත්ත්වය මත තලං­ගම කොස්වත්තේ පදිං­චි­ක­රු‍වෙක් වන සමා­ගමේ එක් අධ්‍ය­ක්ෂ­­ව­ර­යෙක්, නීති­ඥ­ව­රුන් තිදෙ­නකු සම­ඟින් ප්‍රකා­ශ­යක් ලබා­දී­මට පෙරේදා (10) පෙර­වරු 10.00ට පමණ මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කාය හමු­වට පැමිණ ඇත. එහිදී පුරා පැය 12කට අධික කාල­යක් ඔහු­ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සට­හ­න් කර ගැනී­මෙන් අන­තු­රුව 2009 අංක 66 දරන පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතේ 63 1(අ) වග­න්තිය, 1940 අංක 07 දරන පුරා­විද්‍යා වස්තු ආඥා පනතේ 44 වන වග­න්තිය, මෝටර් වාහන පනතේ 01 වන කොටසේ 2 (1) වග­න්තිය, 2009 අංක 65 දරන වන සංර­ක්ෂණ පනත සහ වාරි­මාර්ග පනත උල්ලං­ඝ­නය කර­මින් වැරදි සිදු කර ඇති පෙනී ගිය බැවින් පොලිස් පරී­ක්ෂක ආර්.ඒ. ජනිත කුමාර ඇතුළු නිල­ධා­රින් කණ්ඩා­යම විසින් ඊයේ උදෑ­සන 07.35 ‍පමණ ඔහුව අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කායේ අධ්‍යක්ෂ, පොලිස් අධි­කාරි කේ.ඒ. උදය කුමාර මහ­තාගේ නියෝග පරිදි ස්ථානා­ධි­පති, ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඉන්දික වීර­සිං­හගේ මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් පොලිස් පරී­ක්ෂක ජනිත කුමාර ඇතුළු නිල­ධා­රින් කණ්ඩා­ය­මක් විසින් විම­ර්ශන සිදු­කර තිබේ.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...