Thursday, June 4, 2026
spot_img
spot_img

“අපිත් ඉස්සර අත්පුඩි ගැහුවා.. උදේ බලද්දි ගෙවල් ගිනි තියලා” රෝහිතගෙන් මාලිමා මන්ත්‍රීවරුන්ට උපදෙස්

බලය ලබා ගැනීම සඳහා ඇති තියුණුම ආයුධය “බොරුව” වුවද, එම ආයුධයම භාවිතා කරමින් ලබාගත් බලය ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අයවැය විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, ජනාධිපතිවරයාගේ අයවැය කතාවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 159 දෙනා 83 වතාවක් අත්පොළසන් දුන් බව සිහිපත් කළේය. “අපිත් ඔය පැත්තේ ඉඳගෙන අපේ ජනාධිපතිවරු කතා කරනකොට එහෙම අත්පුඩි ගැහුවා. එහෙම අත්පුඩි ගසමින් ඉඳලා රෑ නිදා ගත්තා. උදේ එළිවෙන කොට ගෙවල්වලුත් ගිනි තියලා. එහෙම තමයි, අපි නොහිතපු දේවල් වෙනවා. මේවා ගැන අවබෝධයෙන් කටයුතු කරන්න ඕන,” යැයි ඔහු පැවසීය.

මෙවර අයවැය විවාදයේදී විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් දැඩි ලෙස එල්ල කරන ලද ප්‍රධාන චෝදනාව වූයේ, පසුගිය වසරේ අයවැය මගින් වෙන් කළ මුදල්වලින් 50%ක් වත් සංවර්ධන කටයුතු සඳහා වැය කර නොමැති වීම බව අබේගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.

මෙම තත්ත්වයට හේතුව සොයා බලන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටි මන්ත්‍රීවරයා, ඊට ප්‍රධාන හේතුව රාජ්‍ය නිලධාරීන් බිය ගැන්වීම බවට චෝදනා කළේය. “නිලධාරීන් බය කරලා තියෙන නිසා දැන් තීන්දු ගන්නේ නෑ. පහුගිය අවුරුද්දේ මුදල් ටිකට වුණේ ඕක තමයි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...