spot_img
spot_img

රනිල්ට සහාය පළ කරමින් හෙට කොළඹදී විරෝධතාවක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ හෙට (26) කොළඹදී විරෝධතාවක් සංවිධානය කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

පක්ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු මැති ඇමතිවරුන් ඇතුළු දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම දේශපාලන ක්‍රියාකාරීන් දහස් ගණනක් මෙම විරෝධතාවට සහභාගි වන බව එම පක්ෂය සඳහන් කරයි.

මේ සමගාමීව, ආරක්ෂක විද්‍යාලය අසල සිට කොටුව දෙසට විරෝධතා පාගමනක් ද සංවිධානය කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සෙත් පතා දිවයින පුරා ආශීර්වාද පූජාවන් සහ බෝධි පූජා වැඩසටහන් සංවිධානය කර ඇති බවද එම පක්ෂය සඳහන් කරන අතර, ඊයේ (24) අනුරාධපුර රුවන්වැලි මහා සෑරදුන් අබියස ආශීර්වාද පූජාවක් පැවති බවද වාර්තා වේ.

‘මර්දනය නවතනු – ප්‍රජාතන්ත්‍රවාදයට අත නොතබනු’ යන තේමාව යටතේ, දකුණේ ජනතා විරෝධයක් අද (25) සවස 3:00ට ගාල්ල බස් නැවතුම්පළ ඉදිරිපිටදී පැවැත්වෙන බවද එක්සත් ජාතික පක්ෂය පවසයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...