spot_img
spot_img

අධිකරණ තීන්දුවලට එරෙහිව පෙළපාලි ගිහින් අමාරුවේ වැටෙන්න එපා – ටිල්වින් අනතුරු අඟවයි

අධිකරණ තීරණයකට එරෙහිව පෙළපාලි යෑම හෝ කළු කොඩි ඔසවා උද්ඝෝෂණ කිරීම අධිකරණයට අපහාස කිරීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාරගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවේ, රනිල් වික්‍රමසිංහ මහතා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ මහජන මුදල් අවභාවිතාවක් සම්බන්ධ පරීක්ෂණයකින් පසුව බවයි.

ඔහුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, දෙපාර්ශවයේම කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කළ බව ඔහු පැවසීය.

මෙය ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රශ්නයක් නොවන බවත්, ඒ සම්බන්ධයෙන් කිසිවකුත් කලබල විය යුතු නැති බවත් ඔහු අවධාරණය කළේය.

නීතියේ ස්වභාවය එසේ බවත්, ඕනෑම වැරදිකරුවෙකු සම්බන්ධයෙන් අධිකරණය කරුණු සලකා බලා ඇප ලබාදීම හෝ බන්ධනාගාරගත කිරීම සිදු කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

අධිකරණ තීන්දුවකට එරෙහිව පෙළපාලි යෑම හෝ කළු කොඩි ඔසවා උද්ඝෝෂණ කිරීම රටේ අධිකරණයට අපහාස කිරීමක් බැවින්, එවැනි ක්‍රියාවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...