spot_img
spot_img

සැප්තැම්බර් සිට මහා සංවර්ධන ව්‍යාපෘති ආරම්භවීමට රජය තීරණය කරයි

රජය විසින් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 2025 සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, මෙහි පළමු අදියර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී ආරම්භ වන බවයි.

එසේම, සැප්තැම්බර් 2 වැනිදා වන්නි ප්‍රදේශයේ මුලතිව් කේන්ද්‍ර කරගනිමින් උතුරු පළාතේ නව පොල් ත්‍රිකෝණයේ සංවර්ධන කටයුතු ආරම්භ කරන බවද ඔහු පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා;

“මේ වසරේදී ආණ්ඩුව ජනතාව වෙනුවෙන් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති රැසක් සැප්තැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක කරනවා. ඒ අනුව, යාපනයේ මන්ඩතිව් ප්‍රදේශයේ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයක් ආරම්භ කිරීමටත්, යාපනයේ ජනතාවට විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ ගැටළු විසඳමින් ඔන්ලයින් ක්‍රමවේදයක් හරහා එම පහසුකම සැපයීම ඇතුළු බොහෝ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...