Sunday, May 10, 2026
spot_img
spot_img

අමෙරිකානු තීරු බදු තවත් අඩු කිරීම ගැන රජය කරුණු පහදයි

අමෙරිකාව, ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ මත පැනවූ අන්‍යේන්‍ය තීරු බදු ප්‍රතිශතය සියයට 30 සිට 20 දක්වා අඩුකර තිබේ.

ධවල මන්දිරය නිවේදනය කළේ, මෙම නව තීරු බදු ප්‍රතිශත ක්‍රියාවට නැංවෙන්නේ, අගෝස්තු මස 7 වනදා සිට බවය.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සඳහන් කළේ,

“මේ අභියෝගත් එක්කම අලුත් අවස්ථාත් ලැබී තිබෙනවා. ඒකෙන් පෙනෙන්නේ රටවල් දෙකටම.. අන්‍යේන්‍ය වශයෙන් අවශ්‍ය කරන ප්‍රතිලාභ මේ තුළින් ඉදිරියේදී අපිට උදාවෙන්නට නියමිතයි. මේක විශාල ජයග්‍රහණයක් විදියට තමයි රටක් ලෙස අපි දකින්නේ. මෙම සාකච්ඡා අපි ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.”

මේ අතර අමෙරිකාව මෙරටට පැනවූ තීරු බදු අනුපාතය 20% දක්වා අඩුකිරීම ගැන සතුට පළකරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් X පණිවුඩයක් තබා තිබුණි.

ඔහු පවසන්නේ ඉන්දියාවට 25%ක තීරුබදු අනුපාතයක් පනවද්දී ශ්‍රී ලංකාව, බංගල්දේශය හා වියට්නාමයට 20%ක සමාන තීරුබදු අනුපාතයක් පනවා ඇති බවය.

එමෙන්ම අපේ අපනයනකරුවන්ට සැබෑ වාසියක් අත්කරදීමට නම් එම අනුපාතය 15% දක්වා අඩු කරගැනීම සඳහා අමෙරිකාව සමඟ තවදුරටත් සාකච්ඡාවල නිරතවිය යුතු බව විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...