spot_img
spot_img

ශ්‍රී ලංකා ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ සංගමය (DJASL) කොළඹදී වැඩ අරඹයි

මෙරට ඩිජිටල් මාධ්‍ය අවකාශයේ කටයුතු කරන මාධ්‍යවේදීන්ගේ එකතුවෙන් නිර්මාණය වුනු “ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ සංගමය” අද දින නිළ වශයෙන් ආරම්භ විය.
ඩිජිටල් මාධ්‍ය, ක්ෂේත්‍රයක් ලෙස ඉදිරියට යාමත් සමග මතුවී තිබෙන සහ මතුවෙමින් පවතින අභියෝග හා ගැටලු වලට එකමුතුවක් ලෙස මුහුණදීමේ අරමුණින් මෙම සංගමය පිහිටුවන ලද බව සංගමයේ උපදේශීකා මන්දනා ස්මයිල් මහත්මිය මේ අවස්තාවට එක්වෙමින් ප්‍රකාශ කළා.
මෙම උත්සවයේදී වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපති මංජුල බස්නායක මහතා ප්‍රකාශ කර සිටියේ ගෝලීය වශයෙන් එන ප්‍රශ්නවලදී එකතුවක් ලෙස මුහුණ දීමට අපට හැකියාව තිබෙන බවයි. එමෙන්ම සාවද්‍ය තොරතුරු පැතිර යාමත්, නියාමනයන් සම්බන්ධ ගැටලු හා ඩිජිටල් මාධ්‍ය ආචාරධර්ම පිළිබද ගැටලු වලට විසදුම් සෙවීමට මෙම සංගමය හරහා හැකිවන බවයි. මෙම උත්සවයේදී මතුවුනු තවත් වැදගත් අදහසක් ලෙස සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ ” රජයට අපගේ සහයෝගය අවශ්‍ය මෙන්ම අපටද රජයේ සහයෝගය අවශ්‍ය බවයි. මෙම සංගමය පිහිටවීමෙන් ඒ සදහා නිවැරදි හා ඒකාබද්ධ ප්‍රවේශයක් තුළින් නියාමනයන් සම්බන්ධවද මැදිහත්වීමට අවස්ථාව ලැබෙන බවයි. මේ වන විටත් ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ සංගමයේ මූලිකත්වයෙන් ඩිජිටල් මාධ්‍ය ආචාරධර්ම පද්ධතියක් සකස් කිරීමේ කටයුතු ආරම්භ වී තිබෙන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරසිටියා.
පත්වූ නිළධාරී මණ්ඩලය#
*සභාපති
මංජුල බස්නායක
*උප සභාපති
නිරෝෂ් මෛත්‍රී
*ලේකම්
තුෂාරා සෙව්වන්දි
*උප ලේකම්
අභිෂේකා ප්‍රනාන්දු
*කැදවුම්කරු
මනෝජ් රත්නායක
*භාණ්ඩාගාරික
සචිත්‍ර වික්‍රමනායක
*කමිටු සාමාජිකයින්
රත්නම් තායාපාරන්
කේශාල් ජයසිංහ
අසාම් අමීන්
රන්හිරු සුභාවික්‍රම
තරිදු උඩුවරගෙදර
රාජගෝපාල් යෂිහරම්
ධනංජය නාරන්බැද්ද
උස්මාන් අකීල්
*උපදේශක
මන්දනා ඉස්මයිල් අබේවික්‍රම

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...