spot_img
spot_img

දුවයි බෑනයි සමග රෝහිතත් මිසින්..

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා වාහන ආනයනය සම්බන්ධයෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයාගෙන් ප්‍රශ්නයක් විමසීමට නියමිතව තිබූ අවස්ථාවට (ජූලි 23) පාර්ලිමේන්තුවට පැමිණ නොසිටි බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග මෙම තොරතුර තහවුරු කර ඇති අතර, ඇතැම් පාර්ශ්වයන් සඳහන් කරන්නේ ඔහුගේ දියණියට එල්ල වී ඇති චෝදනා හේතුවෙන් මන්ත්‍රීවරයා මෙලෙස පාර්ලිමේන්තුවට නොපැමිණීමට හේතුවී ඇති බවයි.

ඔහුගේ දියණියට සහ බෑණාට එරෙහිව නීතිවිරෝධී ලෙස වාහනයක් එකලස් කිරීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගැනීම් සිදුවීමට නියමිත බවට වාර්තා වන අතර, මේ වන විට ඔවුන් දෙදෙනා අතුරුදහන් වී ඇති බවටද තොරතුරු පල වේ.

මෙම සිද්ධියට සම්බන්ධව, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විනතගේ මහතාගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඔහු ප්‍රකාශ කර ඇත්තේ අදාළ වාහනය රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාගේ දියණියගෙන් ලබාගත් බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...