spot_img
spot_img

පහ සිසුන්ට දුන් පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ කුණුහරුප

අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පහ වසර සිසුන්ට 22 වැනි දින ලබාදුන් ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ පැවති මුද්‍රණ දෝෂ හේතුවෙන් තමන් මෙන්ම සිසු දරු දැරියන්ද දැඩි අපහසුතාවයකට පත්වු බව ගුරුවරු චෝදනා කරති.

මෙවර පැවැත්විමට නියමිත ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පහ වසර සිසු දරු දැරියන් දෙදහසකට ආසන්න පිරිසකට මෙම ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයට පෙනී සිටියහ.

අනුරාධපුර අධ්‍යාපන කලාප කාර්යාලයෙන් සකස් කරන ලද මෙම ප්‍රශ්න පත්‍රය අදාල පාසල් විදුහල්පතිවරුන්ට ලබාදිමෙන් අනතුරුව විදුහල්පතිවරු විසින් තම පාසලේ පහ වසරේ අධ්‍යාපනය ලබන දරු දැරියන්ට එම ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කොට බේදා දි තිබේ.

ප්‍රශ්න පත්‍රය දරු දැරියන්ට බේදා දිමෙන් අනතුරුව ප්‍රශ්න පත්‍රය කියවු දරු දැරියන්ගේ නොසන්සුන් තත්වය හේතුවෙන් ගුරුවරු සිදුකළ සොයා බැලිමේදි එම ප්‍රශ්න පත්‍රයේ වැරදිමකින් අසභ්‍ය වදන්ද ඇතුලත්ව තිබු බවත් එම නිසා සිසුන් මෙසේ නොසන්සුන් වු බවත් අනාවරණය වු බව ගුරුවරු පැවසුහ.

විදුහල්පතිවරුන්ගේ දැණුම්දිම මත නැවත කලාප අධ්‍යාපන කාර්යාලය මගින් එම මුද්‍රණ දෝෂ නිවරැදි කර නැවත ප්‍රශ්න පත්‍රයක් පාසල් වෙත ලබාදිමට පියවර ගෙන තිබුණි.

මේ සම්බන්ධයෙන් පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ මෙන්ම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එච්.එස්.කේ.ජයලත් මහතා ගෙන් සිදුකළ විමසුමේදි ඒ මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වා ඉදිරි ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...