spot_img
spot_img

පහ ශිෂ්‍ය­ත්ව­යට 2028දී වෙන­සක්

පහ වසර ශිෂ්‍යත්ව විභා­ගයේ අන්ත­ර්ග­තය වෙනස් කර නව විභාග ක්‍රම­වේ­දය 2028 වසරේ සිට ක්‍රියා­වට නංවන බව අග්‍රා­මාත්‍ය, අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන හා වෘත්තීය අධ්‍යා­පන ඇමැති ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පැව­සු­වාය.

මෙම විභා­ග­යට මුහු­ණ­දෙන දරු­වන්ගේ විභාග පීඩ­නය අවම කිරී­මට මෙම තීර­ණය ගත් බවත් විභාග පිළි­බඳ තිබෙන තර­ග­කා­රී­භා­වය සහ පාසල් අතර පව­තින විෂ­ම­තාව නතර කිරීම මෙම­ඟින් සිදු කිරී­මට අපේ­ක්ෂිත බවත් අග­මැ­ති­ව­රිය ප්‍රකාශ කළාය.

යෝජිත නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ සම්බ­න්ධ­යෙන් මාධ්‍ය­වේ­දීන් දැනු­ම්වත් කිරීම සඳහා අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ පැවති වැඩ­ස­ට­හ­නට එක්වෙ­මින් අග­මැ­ති­ව­රිය මේ බව ඊයේ (23) පැව­සු­වාය.

පහ වසර ශිෂ්‍යත්ව විභා­ගය අහෝසි කිරීම සම්බ­න්ධ­යෙන් තීර­ණ­යක් ගෙන නොමැති බවත් විභා­ගයේ අන්ත­ර්ග­තය වෙනස් කිරීම සම්බ­න්ධ­යෙන් ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුව සමඟ සාකච්ඡා පව­ත්වන බවත් අග­මැ­ති­ව­රිය ප්‍රකාශ කළාය.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...