spot_img
spot_img

අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණ­යේදී වාර විභාග අවශ්‍ය නෑ – අග­මැ­ති­නිය කියයි

යෝජිත නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ තුළ වාර විභාග අවශ්‍ය නොවන බව අග්‍රා­මාත්‍ය, අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන හා වෘත්තීය අධ්‍යා­පන ඇමැති ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පැව­සු­වාය.

මෙම ක්‍රම­යට හුරු­වන තෙක් 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා එක් වාර විභා­ග­යක් හෝ පැවැ­ත්වී­මට සැලැ­සුම් කරන බවත් මෙම ක්‍රමය දරු­වන්ට හා මවු­පි­යන්ට හුරු වූවාට පසුව විභාග ක්‍රමය අවශ්‍ය නොවන බවත් අග­මැ­ති­නිය ප්‍රකාශ කළාය.

නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ සම්බ­න්ධ­යෙන් මාධ්‍ය දැනු­ම්වත් කිරීම සඳහා අධ්‍යා­පන අමා­ත්‍යාංශ ශ්‍රව­ණා­ගා­රයේ පැවති වැඩ­ස­ට­හ­නට සහ­භාගි වෙමින් අග්‍රා­මා­ත්‍ය­ව­රිය මේ බව ඊයේ (23) පැව­සු­වාය.

විභාග නොමැ­තිව දරු­වන් නිවැ­ර­දිව ඉගෙන ගන්නවා ද යන ගැට­ලුව සමා­ජය බියට පත් කරන කාර­ණා­වක් බවත් එසේ වනුයේ කාල­යක් තිස්සේ හුරු වූ විභාග මූලික අධ්‍යා­පන ක්‍රම­වේ­දය නිසා බවත් අග­මැ­ති­නිය ප්‍රකාශ කළාය.

නීති­ග­රුක දරු­වකු බිහි කර ගැනීම සම්බ­න්ධ­යෙන් ද මෙම ක්‍රම­වේ­දය යටතේ අව­ධා­නය යොමු කර ඇතැයි ඇය පැව­සු­වාය.

දරු­වාට මාන­සික පීඩ­න­යක් ඇති නොවන ආකා­ර­යෙන් මෙම නව ක්‍රම­වේ­දය සැල­සුම් කර ඇතැයි ද ඊට අනු­ගත වීමට ටික කාල­යක් පාසල් පද්ධ­ති­යට සහ දරු­වන්ට, මවු­පි­යන්ට අවශ්‍ය යැයි ද අග­මැ­ති­නිය ප්‍රකාශ කළාය.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...