spot_img
spot_img

විපක්ෂ නායකගෙන් හදිසි ප්‍රකාශයක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දින විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.ඒ පවතින ආණ්ඩුවේ අදූරදර්ශී වැඩපිළිවෙළ පිළිබඳව අදහස් දක්වමින්. මෙම විශේෂ ප්‍රකාශය තුළ ඔහු සඳහන් කළේ පහත අදහසයි.

“මැතිවරණයේදී රටේ ජනතාවට යෝජනා කරපු පොරොන්දු අද වනවිට මෙම ආණ්ඩුව කඩ කර ඇති බවට විශේෂ සමීක්ෂණයක් ආධාරයෙන් හෙළි වී තිබේ. අපිට මතක් වෙනවා රටේ නීතිය හා සාමය වෙනුවෙන් මේ රජය පැහැදිලි පොරොන්දුවක් ලබා දුන්නා.ඒ වගේම රටේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම රටේ ප්‍රමුඛතම කාර්යය බවට ජනතාව ඉදිරියේ ප්‍රකාශ කළා.

අද වන විට මහජන ආරක්ෂාව නිසි ආකාරයට සපයන්න බැරි රජයක් බිහිවෙලා තිබෙන්නේ.කැලෑ නීතිය ක්‍රියාත්මක වෙනවා.රටේ නීතිය වල් බිහි වෙනවා.නීතියේ ආධිපත්‍යය සහ මුලින්ම විනාශ වෙලා.මේ වසර තුළ වෙඩි තැබීම් 68ක් වාර්තා වේ.ජීවිත අහිමිවීම් 37ක්.”

ඒ ආකාරයෙන් අදහස් දක්වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කරේ පවතින ආණ්ඩුව මුලින් කියූ පොරොන්දු ඉටු කර ගැනීමට නොහැකි අන්ත අසරණ තත්ත්වයට පත්වී ඇති බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...