Friday, May 8, 2026
spot_img
spot_img

දෙමෝදර ආරුක්කු නවය පාලම හා බිංගෙය විදුලි බුබුළුවලින් ආලෝකමත් කරයි

දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර ආරුක්කු නවය පාලම සහ බිංගෙය විදුලි බල්බවලින් ආලෝකවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල පියවර ගෙන ඇත.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මාර්ගෝපදේශකත්වය මත warm white පැහැයේ විදුලි බුබුලුවලින් ආරුක්කු නවය පාලම හා බිංගෙය ආලෝකවත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ අධිකාරී ඉන්ජිනේරු (ඉහළ ) ධනුෂ්ක දිසානායක පැවසීය.

මෙම ව්‍යාපෘතියේ කටයුතු නිමකර ලබන අගෝස්තු මාසයේදී විවෘත කිරීමට නියමිත ය.

බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකර ඇති මේ වනවිට වසර 104 ක් පැරණි ආරුක්කු නවය පාලම හා බිංගෙයෙහි කෞතුක බව රැකෙන පරිදි තම අධීක්ෂණය යටතේ මෙය සිදුකෙරෙන බව ඉන්ජිනේරුවරයා සදහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, දැනට warm white පැහැයේ විදුලි බල්බ හැත්තෑවක් පමණ යොදා ගෙන ආලෝකවත් කර ඇති මෙහි පෙරහුරුවක් ඊයේ (ජූලි 13) කළ බව ය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...