සයිබර් අපරාධ විමර්ශනය සහ කෘතිම බුද්ධිය පිළිබඳ විශේෂිත පාඨමාලාවක් සඳහා මෙරට පොලිස් නිලධාරීන් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉකුත් 03 වනදා ඉන්දියාවට ගොස් තිබෙනවා.
ඉන්දියාවේ හයිද්‍රාබාද්හි Central Detective Training Institute (CTDI) ආයතනයේදී එම පුහුණුව ලබන බවයි වාර්තා වන්නේ.
මෙම කණ්ඩායම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්, සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරුන් 17 දෙනෙකුගෙන් සමන්විත වනවා.
ශ්‍රී ලංකා පොලීසිය පවසන්නේ ඔවුන් එළබෙන 16වන සෙනසුරාදා යළි දිවයිනට පැමිණීමට නියමිත බවයි.




