spot_img
spot_img

කොළඹ නෙළුම්කුලුණේ අවන්හලක තිබු සාදයක දී තරුණයෙක් සහ තරුණියක් මරුට

කොළඹ නෙළුම් කුලූනේ අවන්හලක පැවැති සාදයක් අතරතුර කිසියම් මත්ද්‍රව්‍යයක් පානය කර සිටියදී, හදිසියේම රෝගීවි කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ තරුණයකු සහ තරුණියක මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මරදාන පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙන බව දිවයින පුවත්පත වාර්තා කරනවා.

මෙලෙස මියගොස් ඇත්තේ රූපලාවන්‍යාගාරයක කළමනාකාරිනියක ලෙස සේවය කළ මුල්ලේරියාව උඩුමුල්ල පදිංචිව සිටි හෙට්ටිආරච්චි රසාංගිකා රුක්ෂානි නමැති 27 හැවිරිදි තරුණියක සහ දෙහිවල පදිංචිව සිටි සමිඳු ටිරංග ප‍්‍රනාන්දු නමැති 22 හැවිරිදි තරුණයකු බව පරීක්‍ෂණ සිදුකරන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කර තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය පානය කර රෝගාතුරව ඇදවැටී ඇති දෙදෙනා එම ස්ථානයේ සිටි පිරිස් විසින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඔවුන් මියගොස් තිබෙන බවයි සඳහන් වන්නේ.

මියගිය දෙදෙනාගේ මූලික මහෙස්ත‍්‍රාත් පරීක්‍ෂණ මාලිගාකන්ද මහෙස්ත‍්‍රාත්වරයා විසින් සිදුකරන ලද අතර මියගිය දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී සිදුකර එම වාර්තා ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කර තිබෙනවා.

මේ අතර සිය දියණියගේ මරණය සැක සහිත බව, මියගිය තරුණියගේ මව වන දෝන රසිකා නිලන්ති පොලිසියට ප‍්‍රකාශ කර තිබෙන බවත් එම සාදයේදී මියගිය රසාංගිකා ඇතුළු හත්දෙනකු කිසියම් මත්ද්‍රව්‍යයක් පානය කළ බවට ඇයගේ පෙම්වතා බව කියන තරුණයකු ප‍්‍රකාශ කළ බවත් පොලිසිය පවසන බව සඳහන්.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...