spot_img
spot_img

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අද ශ්‍රී ලංකාවට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් අද (ජූනි 23) මෙරටට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීයෙක් පැවසුවා.

මහ කොමසාරිස්වරයා ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති හරිනි අමරසූරිය, විදේශ කටයුතු ඇමති විජිත හේරත්, අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර හමුවීමට නියමිත බව අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීයා සදහන් කළා.

මහනුවර දළදා මාලිගාව, ත්‍රිකුණාමලය, යාපනය වැනි ප්‍රදේශවල මහ කොමසාරිස්වරයා සංචාරය කරන බව පැවසෙනවා.

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාංශය, ජාතික සහජීවනය සඳහා වූ කාර්යාලයේ නිලධාරීන් මුණගැසී සාකච්ඡා කිරීමට මහ කොමසාරිස්වරයා බලාපොරොත්තු වන බවද සදහන් කළා.

වෝල්කර් ටර්ක් ඔස්ට්‍රියානු ජාතිකයෙක් වන අතර ඔහු පසුගිය 2022 වසරේදී සිය තනතුරේ වැඩ භාර ගත්තා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරයෙක් මෙරටට පැමිණෙන්නේ වසර 2016න් පසු පළමු වතාවටයි.

එසේ ම, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහ වෝල්කර් ටර්ක් අතර හමුවක් පසුගිය වසරේ ජිනීවාහිදී පැවැත්විණි.

මෙරට ගැටුම්වල නිදන්ගත හේතුවලට විසඳුම් දීම හා ආයතනික සහ ව්‍යාවස්ථාපිත ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා අලුතින් පත්වූ රජය කැපවීම් කළ යුතු බව වෝල්කර් ටර්ක් මීට පෙර සඳහන් කරනු ලැබුවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...