spot_img
spot_img

‘රජය ඉන්ධන- බලශක්ති මාෆියාවේ ගොඳුරක් වෙලා‘

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමා රජය පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර පවතින ඉන්ධන මාෆියාව වෙනස් කර ක්‍රමයේ වෙනසකට යන බවට පොරොන්දු වුවත් ඉන්ධන බලශක්ති මාෆියාවේ ගොදුරක් බවට රජය පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ගජ මිතුරු වාසි තකා ඉන්ධන බලශක්ති මාෆියාව ප්‍රවර්ධනය කරන තැනට රජය පත්වුවත් ජනතාවගේ බලශක්ති අයිතිය හා සවෛරීත්වය වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින බවත් විපක්ෂනායකවරයා සඳහන් කළා.

වහල මත සවිකරන සූර්ය බලශක්තියට ගෙවන කෝෂක පැනල් ගාස්තුව ගෙවීම කිලෝවෝට් පැයකට රු. 37 සිට 20 දක්වා 45%කින් අඩු කර ඇති බවත් මින් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය අධර්්‍යමත් කර ඉන්ධන බලශක්ති මාෆියාව ශක්තිමත් කිරීම සිදුවන බවත් ප්‍රේමදාස මහතා කොළඹදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

රජය ගෙන ඇති මෙම පියවර නිසා සූර්ය බලශක්ති ව්‍යවසායකයන් විශාල පිරිසක් අගතියට පත්වීම මෙන්ම ව්‍යාපාර 1000ක සේවය කරන 40000කට වැඩි ප්‍රමාණයකට නරක ලෙස බලපා ඇතැයිද – විපක්ෂ නායකවරයා පැවසුවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...