spot_img
spot_img

98%ක් තැපැල් ඡන්දෙ දීලා

09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද භාවිතය 98% ක් බව ජේෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසනවා.

මේවන විට ලියාපදිංචි රක්ෂිත පැකට්ටු ලක්ෂ 07කට අධික සංඛ්‍යාවක් තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබෙනවා.

ජේෂ්ඨ නියෝජ්‍ය තැපැල්පතිවරයා පවසන්නේ, ඊයේ (10) දින වන විට රක්ෂිත පැකට්ටු වලින් 85% ක් ඒ ඒ ප්‍රදේශ වල තේරීම් භාර නිලධාරීන් වෙත ලබාදීමට කටයුතු කර ඇති බවයි.

මේ අතර පසුගිය 04,05 සහ 06 තෙදින තැපැල් ඡන්ද භාවිතා කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට 11 සහ 12 සිය තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පවසනවා.

ඒ අනුව සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...