Saturday, May 2, 2026
spot_img
spot_img

අනුරගේ විවාද අභියෝගය රනිල් පිලි අරන්

සජීවී විවාදයක් සඳහා ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර දිසානායක මහතා කළ ආරාධනාව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ජනාධිපතිවරයා පවසන්නේ, ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන තමන් ඉදිරිපත් කළ පැනයට වේදිකාවට පැමිණ පිළිතුරු ලබාදෙන ලෙසයි.

එමෙන්ම ජාතික ජන බලවේගය ආර්ථිකය සම්බන්ධයෙන් එක් මතයකට පැමිණෙන්නේ නම් අනුර කුමාර දිසානායක විවාදකයක් සඳහා තමාට කළ අභියෝගය භාර ගැනීමට තමන් සූදානම් බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

කුරුණෑගලදී පැවති ව්‍යාපාරික හමුකදී ඔහු මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා :

”අපි IMF අනුව ක්‍රියා කරනවා නම් අපිට ණය ගන්න අමාරුයි. අපේ වියදම එන අවුරුද්දේ ඩොලර් බිලියන 6,800යි. ආදායම ඩොලර් බිලියන 5,100යි. අපේ පරතරය ඩොලර් බිලියන 1,700යි. හොඳ වෙලාවට ඒක දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.2%යි. කිසි බයක් නැතුව අපිට මේක හදන්න පුළුවන්. දැන් බලන්නකෝ මාලිමාවේ වියදම් ගත්තහම වියදම ඩොලර් බිලියන 8,900යි. අපිට වඩා ඩොලර් බිලියන 2,000ක් වැඩියි. කොහොම ද මේක කරන්නේ. මේක කරන්න ගිහින් කොන්දේසි කැඩුවොත් මොකද්ද වෙන්නේ ? මෙහෙම කළොත් පළවෙනියෙන්ම වෙන්නේ අපේ රුපියල ඩොලරයට 400 – 425ක් වගේ වෙනවා. කොන්දේසි කඩලා කියලා IMF සහයෝගය අයින් කළොත් ඩොලර් එක රු 500ට යයි. ලෝක වාර්තාවක්.

මිත්‍රයා කියන්නත් එපා කිව්වානේ. හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර කිව්වා අපනයන ආර්ථිකයක් කියලා. ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා නිදහස් වෙළෙඳ ගිවිසුම අහෝසි කරනවා කියලා. කොහොමද අපනයන ආර්ථිකයක් එන්නේ වෙළෙඳ ගිවිසුම් නැතුව.ඔන්න ආණමඩුවේ කියලා තියෙනවා විවාදයකට එන්න කියලා. මම කොහොමද විවාදයකට එන්නේ, ඔයාලා කලින්ම අපනයන ආර්ථිකයක් ද ? නැද්ද ? කියන්න.

මම ඉස්සෙල්ලාම කියන්නේ, හිටපු කෘෂිකර්ම ඇමති අනුර දිසානායක, සුනිල් හඳුන්නෙත්තියි සූර්යපෙරුම මහත්තයා අතර විවාදයක් ඇති කරලා අපනයන ආර්ථිකයක් ද ? ආනයනය ආර්ථිකයක් ද ? කියලා අපිට දැනුම් දෙන්න. ඒක දැනුම් දුන්නාට පස්සේ එතුමායි මමයි IMF අධ්‍යක්ෂතුමියයි කතා කරමු. ඕනේ නම් සජිත්ටත් එන්න කියමු. මම ටිකක් බයයි. එයා කතා කරන්න ගත්තාහම අධ්‍යක්ෂ තුමිය යයි මට වැඩ තියෙනවා කියලා.”

රනිල් වික්‍රමසිංහ යොමු කරන ප්‍රශ්න සඳහා පිළිතුරු දීමට ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස අභියෝග කරන බව අනුර කුමාර දිසානායක මහතා පසුගියදා (08) ජන රැලියක් අමතමින් සඳහන් කළා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...