spot_img
spot_img

විපතට පත් ජනතාව මුදාගැනීම සඳහා යුද හමුදාවෙන් කණ්ඩායම් 7ක්

ගංවතුර හේතුවෙන් විපතට පත්වූ ජනතාව බේරාගැනීම සඳහා කණ්ඩායම් 7ක් යොදවා ඇති බව යුද්ධ හමුදාව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් යුද්ධ හමුදාව වැඩිදුරටත් පවසන්නේ එක් බෝට්ටුවක් සමග කිරිඇල්ල, දෙහිඕවිට, ගලතුරු ඔය, මොරවක, තවලම සහ තිහගොඩ ප්‍රදේශ සඳහා යුද හමුදා කණ්ඩායම් 6ක් යොමුකර ඇති බවය.

එසේම නෙළුව ප්‍රදේශයට බෝට්ටු 2ක් සමග යුද හමුදා කණ්ඩායමක් යොමුකර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

මේ අතර මාලිම්බඩ සහ සාලාව ප්‍රදේශයන්හි අවතැන් වූ පිරිස් සඳහා ආහාරපාන සැපයීමට යුද්ධ හමුදා භටපිරිස් විසින් ආහාර පිසීමේ ස්ථානයන් මේ වනවිට ආරම්භ කර තිබේ.

මේ අතර විපතට පත් ජනතාව මුදාගැනීම සඳහා අවශ්‍යතාවයක් ඇතිවුවහොත් ඒ සඳහා භටපිරිස් සූදානම් කර තබන ලෙසට යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා විසින් ආරක්ෂක සේනා ආඥාපතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...