spot_img
spot_img

දුම්කොළ භාවිතයෙන් දිනකට මරණ 50ක්

දුම්කොළ භාවිතය නිසා දිනකට පුද්ගලයන් 50ක් මරණයට පත් වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර ඇති බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මහතා සඳහන් කළේ මෙරට මරණ අතරින් 83% ක් බෝ නොවන රෝග නිසා මරණයට පත් වන අතර බෝ නොවන රෝග ඇති කරන ප්‍රධාන සාධක හතරෙන් දුම්වැටි භාවිතය ප්‍රධාන සාධකයක් බවයි.

ශ්‍රී ලාංකිකයන් දිනකට සිගරට් භාවිතයට රුපියල් මිලියන 520ක් වියදම් කරන බව ද සම්පත් ද සේරම් මහතා පවසනවා.

ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ වර්තමානය වන විට මෙරට පුද්ගලයන්ගේ සිගරට් භාවිතය 9.1% කින් අවම වී ඇති අතර මෙරට පුද්ගලයන්ගෙන් මිලියන 1.5ක් තවමත් සිගරට් භාවිතය සිදු කරන බවයි.

මෙරට අඩු වෙමින් පවතින සිගරට් භාවිතය තවදුරටත් අඩු කිරීමට දුම්කොළ සහ මද්‍යසාර පිළිබද ජාතික අධිකාරි පනත යටතේ සිදු විය යුතු වෙනස්කම් කිහිපයක් පිළිබදව වසර ගණනාවක සිට යෝජනා ඉදිරිපත් කළද එම යෝජනා ක්‍රියාවට නැංවීම සිදු නොකිරීම කනගාටුවට කරුණක් බවද මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මහතා අවධාරණය කරනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...