spot_img
spot_img

දයාසිරිත් ජනපති සටනට?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් පිහිටුවාගත් ‘මානුෂීය ජනතා සන්ධානය’ එළිදැක්වීම ලබන 20 දා සවස 2.00ට කොළඹ ලක්‍ෂමන් කදිරගාමර් ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ දී පැවැත්වෙනවා.

ලියාපදිංචි පක්‍ෂ 18ක එකමුතුවෙන් සැඳුම්ලත් මානුෂීය ජනතා සන්ධානයේ පක්ෂවල ගිවිසුම් අත්සන් කිරීම මෙදින සිදු කිරීමට නියමිතයි.

එම සන්ධානයේ මාධ්‍ය අංශය සඳහන් කරන්නේ උතුරු නැඟෙනහිර සහ කඳුකරයේ ලියාපදිංචි පක්ෂ නව සන්ධානය සමග ගිවිසුම් අත්සන් කිරීම මෙදින සිදු කෙරෙන අතර පිළිගත් සිවිල් සංවිධාන හතළිහකට ආසන්න සංඛ්‍යාවක් නව සන්ධානයට සහයෝගය ලබාදීමට කැමැත්ත පළ කර ඇති බවයි.

මේ අතර, නව සන්ධානයේ ප්‍රතිපත්තිවලට ප්‍රධාන පක්ෂයක් එකඟ වුවහොත් ඔවුන්ට සන්ධානයේ සහයෝගය ලබාදෙන බවත් එසේ නොවුණ හොත් ජාතික මැතිවරණයේ දී මානුෂීය ජනතා සන්ධානයේ නායකයා ලෙස දයාසිරි ජයසේකර මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟ කරන බවද මානුෂීය ජනතා සන්ධානය පෙන්වා දෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...