spot_img
spot_img

20,000 ගානෙ දීලා දුප්පත්කම නැති කරනවා – සජිත්

ඉදිරියේදී පිහිටුවන තම ආණ්ඩුවක් යටතේ ජාත්‍යන්තර ආධාර සමුළුවක් පවත්වා ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර සංවර්ධනය කරන බව සමගි ජන බලවේග නායක ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු පවසන්නේ, රටේ දුප්පත් ජනතාව සෑමදාකම සහනධාරලාභීන් ලෙස ජීවත් වීමට අකමැති බවත් ඒ හේතුවෙන් වසර දෙකක් ඇතුළත දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි.

මඩකලපුව ත‍්‍රිකුණාමල ප්‍රදේශවලදී පැවති ජනරැළි මාලාවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා :

” දුප්පත්කම තුරන් කිරිමේ අලුත් වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. සමෘද්ධිය, අස්වැසුම, ගැමිදිරිය ආදි වශයෙන් ක්‍රියාත්මක වූ වැඩසටහන්වල තිබු හොඳ දේ පමණක් අරගෙන දුප්පත්කම තුරන් කිරීමේ අලුත් වැඩසටහන අපි සුදානම් කරලා තිබෙනවා. මෙරටේ දුප්පතුන් හැමදාම සහනාධාරලාභීන් විදියට ජීවත් වෙන්න කැමැති නෑ. ඔවුන්ගේ ඒ සිතුම් පැතුම් අවබෝධ කර ගෙන වසර දෙකක් ඇතුළත මෙරටේ දුප්පත්කම තුරන් කරන අලුත් වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා. ඒ යටතේ අපි එක් පවුලකට රුපියල් විසිදහසක් බැගින් ලබා දෙන්න සැලසුම් කර තිබෙනවා”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...