spot_img
spot_img

පාස්පෝට් පරක්කුවට අලි සබ්රි සමාව ඉල්ලලා

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන ජනතාවට සිදු වන අපහසුතාවය පිළිබඳ කණගාටු වන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

ඔහු පවසන්නේ, රජයක් ලෙස සමාව ඉල්ලා සිටින බවයි.

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම දිගින් දිගටම ප්‍රමාද වීම හේතුවෙන් මේ වන විට මහජනතාව දැඩි අසීරුතාවයට පත්ව තිබෙනවා.

ඒ අනුව දින ගණනාවක් පෝලිම්වල රැදී සිටිමින් අපාදුක් විදින ජනතාව වත්මන් ආණ්ඩුවට දැඩිව දෝෂාරෝපනය කරන අයුරුද දක්නට ලැබුණා.

ඒ පිළිබඳ අදහස් දැක්වූ අලි සබ්රි මහතා :

“මම රජයක් විදියට සමාව ඉල්ලනවා. අලුත් පාස්පෝට් එකක් දාන නිසා තමයි මේක වෙලා තියෙන්නේ. අපි පුළුවන් තරම් ඉක්මනින් උත්සහ කරනවා ඒක ගෙන්න ගන්න. ඒ ලොට් එක ලැබෙනවා ඔක්තෝම්බර් 16 වැනිදා. එතකන් තියෙන එකෙන් පාලනය කර ගන්න සිදු වෙනවා. මම එකඟ වෙනවා එතන මීට වඩා කලමනාකරණය කරගෙන කරන්න තිබුණා කියලා. ජනතාවට සිදුවන අපහසුතාවයට විදේශ අමාත්‍යවරයා විදියට සහ රජයේ නියෝජිතයෙක් හැටියට කණගාටුව ප්‍රකාශ කරනවා.

මේ අතර, අද (28) සිට දෛනිකව විදෙස් ගමන් බලපත්‍ර 1,000 බැගින් නිකුත් කිරීමට පියවර ගන්නා බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමේ අපේක්ෂාවෙන් බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අසළ දින ගණනාවක සිට පිරිස් රැඳී සිට තිබුණා.

ඒ අතරින් බොහෝදෙනා ඊයේ රාත්‍රියද එම ස්ථානයේම පහන් කර ඇති බව වාර්තා වෙනවා.

මේ අතර දින ගණනාවක මෙලෙස රැඳී සිටින පිරිස් වෙත ටෝකන් පත් ලබාදීමට පියවර ගැනුණා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...