spot_img
spot_img

රනිල් හදපු ආර්ථිකය අනුර කන්දෙන් පල්ලමට ඇදලා – රටම අඩාලයි!

පසුගිය රජය සමයේ අතිශය දුෂ්කරතා මධ්‍යයේ ස්ථාවර මට්ටමකට රැගෙන ආ දේශීය ආර්ථිකය, වත්මන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ රජයේ අදූරදර්ශී පාලනය සහ නොහැකියාව හේතුවෙන් නැවතත් දරුණු ලෙස කඩාවැටෙමින් පවතින බව විපක්ෂ ක්‍රියාකාරීහු පෙන්වා දෙති.

දිගුකාලීන රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති, යටිතල පහසුකම් සංවර්ධනය හා සාර්ව ආර්ථික නිරීක්ෂණයන්ට අනුව, පාසල්, රෝහල් සහ මහාමාර්ග වැනි පොදු අංශයන්හි ප්‍රාග්ධන වියදම් (Capital Expenditure) සීමා කිරීම රටක දිගුකාලීන ආර්ථික වර්ධනය මුළුමනින්ම අඩාල වීමට සෘජුවම බලපායි.

විපක්ෂ නියෝජිතයින් පෙන්වා දෙන්නේ රජය විසින් නිකුත් කරන ලද මුල් මාස හතරේ ප්‍රගති වාර්තාවට අනුව, පාසල්, රෝහල්, මහාමාර්ග සහ වාරිමාර්ග ක්ෂේත්‍රයන්හි සංවර්ධනය සඳහා රුපියල් බිලියන 1400කට ආසන්න මුදලක් වෙන් කර තිබුණ ද ඉන් වියදම් කර ඇත්තේ 9%ක් වැනි සොච්චම් ප්‍රතිශතයක් පමණක් බවයි.

“භාණ්ඩාගාරය සල්ලිවලින් උතුරනවා” යැයි පවසමින් පාරට්ටු කරගන්නා ආණ්ඩුව, රටේ සංවර්ධන ව්‍යාපෘති මුළුමනින්ම නවතා දමා වැසිකිළිවලට සහ ගොඩනැගිලි තට්ටුවලට මුල්ගල් තැබීමේ සහ පෙර රජයයන් ඉදි කළ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන තමන්ගේ නමින් නාමපුවරු ගසා යළි විවෘත කිරීමේ දේශපාලන සංදර්ශන පවත්වමින් සිටින බවට ඔවුහු චෝදනා කරති.

නගර අලංකරණය සහ පාලනය ද මුළුමනින්ම අඩාල වී ඇති බව පෙන්වා දෙන විපක්ෂය, කොළඹ නගරයේ බේරේ වැව වත්මන් නගරාධිපතිනිය හෝ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහන යටතේ පිරිසිදු කර ගැනීමට අපොහොසත් වීම නිසා මේ මහා වැස්සේ පවා කුණු ගඳ ගසන තත්ත්වයට පත්ව ඇති බව පවසයි. 2019 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමය තුළ බේරේ වැව වටා පෙත්මං ඉදිකර එය පක්ෂීන් සිය ගණනක් ගැවසෙන තරමට පිරිසිදුව තැබීමට කටයුතු කළ ද, අද වන විට එය වත්මන් පාලකයින්ගේ නොහැකියාව නිසා කුණු ගොඩක් බවට පත්ව ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...