spot_img
spot_img

ක්‍රිප්ටෝ වලට හොඳ කලදසාවක් – අලුත් වෙන නීති මෙන්න

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජපානයේ මූල්‍ය සේවා ඒජන්සිය (FSA) මඟින් ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් නව රෙගුලාසි හඳුන්වා දීමට සලකා බලමින් සිටින බවයි.

ඒ අනුව එරට පුවත් වාර්තාවක් උපුටා දක්වමින් රොයිටර් පුවත් ඒජන්සිය ඒ බව සඳහන් කරන්නේ මෙම රෙගුලාසි මඟින් ක්‍රිප්ටෝ මුදල් අභ්‍යන්තර වෙළෙඳ නීතිවලට යටත් වන මූල්‍ය නිෂ්පාදන වශයෙන් අර්ථ දැක්වෙනු ඇති බවයි.

එමෙන්ම මෙම රෙගුලාසි බිට්කොයින් (Bitcoin) සහ එතීරියම් (Ethereum) වැනි ජපානයේ මේ වන විට භාවිතයේ ඇති ක්‍රිප්ටෝ මුදල් වර්ග 105කට අදාළ වන බව සඳහන්.

එසේම අඳාළ වාර්තාව පෙන්වා දෙන්නේ මේ සමඟම හුවමාරු සේවා සපයන්නන්ට මිල උච්චාවචනය වීමේ අවදානම වැනි තොරතුරු හෙළිදරව් කිරීමට අවශ්‍ය වනු ඇති බවයි.

කෙසේ වෙතත් නව රෙගුලාසි යටතේ, බැංකු සහ රක්ෂණ සමාගම්වලට තම සුරැකුම්පත් අනුබද්ධ ආයතන ඔස්සේ තැන්පත්කරුවන්ට සහ රක්ෂණ හිමියන්ට ක්‍රිප්ටෝ මුදල් විකිණීමට අවසර ලැබෙනු ඇති බවද වාර්තා වේ.

මේ අතර වර්තමානයේ 55% දක්වා වන ක්‍රිප්ටෝ මුදල් ගනුදෙනුවලින් උපයන ලාභ මත අය කරන බද්ද, නව රෙගුලාසි යටතේ 20% ක බදු අනුපාතයකට යටත් කිරීමට නියමිත බව පවසයි. එබැවින් මෙය කොටස් වෙළෙඳාමට සමාන අනුපාතයක් බවට වාර්තා වේ.

මේ අතර එම වාර්තාව තවදුරටත් දක්වන්නේ ජපානයේ මූල්‍ය සේවා ඒජන්සිය මඟින් මෙම යෝජනා එළඹෙන වසරේ පාර්ලිමේන්තු සැසිවාරයේදී අවශ්‍ය නීති සම්පාදනය වෙනුවෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...