Sunday, April 19, 2026
spot_img
spot_img

අත්අඩංගුවට ගත් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු සභාපතිට ඇප

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ හිටපු සභාපති, අනුර වල්පොල මහතා ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කළේය.

එමෙන්ම සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුට අවවාද කළේය.

2020 වසරේ ජනවාරි මස 30 වනදා ඩී. අනූපමා නමැත්තිය අදාළ කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ තොරතුරු තාක්ෂණ තනතුර සඳහා විධිමත් ආයතනික පත්වීම් පටිපාටිය උල්ලංඝනය කරමින් බඳවාගැනීම තුළින් ඇයට වාසියක් සලසා දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම සැකකරු සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

ඒ අනුව සැකකරු ඇප මත මුදාහැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා නඩුව යළි ජනවාරි මස 23 වන දා කැඳවීමටද නියම කළේය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...