spot_img
spot_img

හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට එරට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවක් මගින් මරණ දඬුවම ලබාදී තිබේ.

ඒ පසුගිය වසරේ එරට පැවති ශිෂ්‍ය විරෝධතා දැඩිව මර්දනය කරමින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකළ බවට එල්ලවී තිබූ චෝදනාව සම්බන්ධයෙනි.

වැළැක්වීමේ සහ දඬුවම් කිරීමේ පියවර ගැනීමට අපොහොසත් වීම, සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ලකිරීමට ඩ්‍රෝන, හෙලිකොප්ටර් යානා සහ මරණීය අවි භාවිත කිරීමට නියෝග ලබාදීම වැනි ක්‍රමික වරද යටතේ මෙලෙස ඇයට දඬුවම් ලබාදී තිබේ.

ඇය පහළොස් වසරක් තිස්සේ බංග්ලාදේශය පාලනය කළ අතර, 2024 විරෝධතා අතරතුර ඇය ගෙන ගිය මර්දනකාරී පියවර යටතේ පුද්ගලයින් 1,400කට වැඩි පිරිසක් මියගිය අතර තවමත් එරට මැතිවරණයක් පවත්වා නීත්‍යානුකූල රජයක් පිහිටුවාගෙන නොමැත.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...