spot_img
spot_img

වැසි සමග ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ඩෙංගු මදුරුවන්ගේ ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් පවතින බැවින්, මදුරුවන් බෝවිය හැකි ස්ථාන කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටී.

එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පෙන්වා දෙන්නේ, නිසි පරිදි මදුරු මර්දන කටයුතු සිදු නොකළහොත් ඉදිරියේදී යළිත් ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවය.

වැසි සමයත් සමඟ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමේ ප්‍රවණතාවක් ඉතිහාසය පුරාම නිරීක්ෂණය වී ඇති බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.

මේ වනවිට සෑම දිස්ත්‍රික්කයකම ඩෙංගු මදුරු කීට සමීක්ෂණ සිදුකරමින් පවතින බවත්, දැනට පාලනය කර ඇති තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මහජනතාවගේ සහාය අත්‍යවශ්‍ය බවත් ඔහු අවධාරණය කළේය.

නිරිතදිග මෝසම් සමයේදී ඇති වූ අධි අවදානම් සහ අධි වසංගත තත්ත්වය පාලනය කර ගැනීමට ජනතාව ලබාදුන් සහාය ඉවහල් වූ බව ද වෛද්‍ය කපිල කන්නංගර මහතා පෙන්වා දුන්නේය.

එම තත්ත්වය යළි ඇතිවීම වළක්වා ගැනීම සඳහා සියලුදෙනා එක්ව ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීමට වහාම පියවර ගත යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.

විශේෂයෙන්ම, නිවෙස් සහ පරිශ්‍රවල ජලය රැඳී පවතින ස්ථාන පරීක්ෂා කර ඒවා ඉවත් කිරීමට හෝ ජලය රැඳීම වැළැක්වීමට කටයුතු කිරීම වැදගත් වේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය කපිල කන්නංගර මහතා,

“මේ වැසි සමයත් සමඟ ඩෙංගු රෝගය වැඩිවීමේ අවදානමක් තිබෙනවා. වැසි සමයත් සමඟ ඩෙංගු රෝගය වැඩිවන ස්වභාවය අපි ඉතිහාසය පුරාම දැකලා තියෙනවා. නමුත් අපි මේ කාලය තුළදී සෑම දිස්ත්‍රික්කයකම කීට සමීක්ෂණ සිදුකරගෙන යනවා. දැනට පාලනය කර ඇති තත්ත්වය එලෙසම පවත්වාගෙන යන්න නම් අපට ජනතාවගෙන් විශාල දායකත්වයක් අවශ්‍ය වෙනවා. නිරිතදිග මෝසම් කාලයේදී ඇති වූ අධි අවදානම් සහ අධි වසංගත තත්ත්වය පාලනය කරගැනීමට හැකිවුණේ ජනතාව ලබාදුන් සහයෝගය නිසයි. ඒ නිසා මේ අවස්ථාවේදීත් පවතින තත්ත්වය පවත්වාගෙන යාමට නම්, අපේ මරණ සහතිකය අප විසින්ම ලියාගන්නා තත්ත්වයක් ඇති නොවන පරිදි සියලුදෙනා එක්ව ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම අනිවාර්යයෙන්ම දැන් සිටම කළ යුතුයි. එසේ නොකළහොත් ඉදිරියේදී නැවතත් ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතිනවා,”

spot_imgspot_img

Popular

More like this
Related

නව යතුරු පැදි ලියාපදිංචි කිරීම ආරම්භයි

ඊයේ (19) නව යතුරු පැදි ලියාපදිංචි කිරීමේ කටයුතු...

වාහන අංක තහඩු හා රියදුරු බලපත්‍ර ගැන විශේෂ නිවේදනයක්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල්...

රත්තරන් මිලේ සැබෑ වෙනසක්

නිතර ඉහළ පහළ යන රන් මිල අද(20) දින වෙළඳපොළෙන්...

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් – මෙන්න හේතුව

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය 2026 දෙසැම්බර්...